ගවේෂණාත්මක පුවත ගැන වැඩිදුරටත් සැලකිලිමත්වීමෙන් පසු මේ හරහා පිළිතුරු ලැබෙන මූලික අදහස්, නිශ්චිත කල්පිතයන් හෝ ප්‍රශ්න ගැන සිතන්න. මේ උපකල්පන හෝ ප්‍රශ්න, කෙටි හෝ දීර්ඝ වුවත්, එක් වාක්‍යයක් හෝ වාක්‍ය දෙකක් වුවත්, ඒවා ඔබට අදාළ සාක්ෂි මොනවාදැයි හා ඔප්පු කළයුත්තේ කුමක්දැයි තීරණය කිරීමට උපකාරී වේ.

  • මායිම් හා  ඉලක්ක හඳුනාගැනීම මගින් මෙම කටයුත්ත කළමනාකරණය කළ හැකිය.
  • ! මේ අදහස අන් අයට සන්නිවේදනය කිරීම හා ‘අලෙවි කිරීමට‘ උපකාරී වේ
  • අයවැය වෙන්කර ඇති කාලය හා සම්පත් වඩාත් නිවැරදිව තීරණය කිරීමට උපකාරී වේ
  • ! සාක්ෂි ඒකරාශී කිරීම සඳහා වන නිර්ණායක සපයයි
  • එය නිශ්චිත සංගත ගවේෂණාත්මක පුවතක් සම්පාදනයට පදනම සකසයි

සෑම කතාවකම අදහස, අවසානයේ බිහිවන ගවේෂණාත්මක පුවතට අදාළ බොහෝ උපකල්පන හෝ මාවත් උත්පාදනය කළ හැක.

උදාහරණයක් ලෙස දරිද්‍රතාව පිළිබඳ කල්පිත දෙකක් තිබිය හැකිය. පෞද්ගලීකරණය හා ජලයෙන් ව්‍යාප්ත වන රෝග පිළිබඳ පුවත.

(A) පුද්ගලීකරණය නිසා අධික මිලක් ගෙවා ජලය මිලදීගැනීමට දුප්පතුන්ට සිදුවී ඇත, මේ නිසා ඔවුන් නිසි සෞඛ්‍ය ප්‍රමිතීන් වලින් තොරව නොමිලේ ලබාගත හැකි තැන් වලින් ජලය ලබාගන්නා අතර මෙය වසංගත රෝග වලට තුඩු දේ.

(B) පුද්ගලික සමාගම් ජල සුරක්ෂිතතාව ගැන ඇති ප්‍රමිතීන් වලට අනුකූල නොවන අන්දමට ජල නිෂ්පාදනයේ යෙදෙන අතර මෙය වසංගත රෝග පැතිරීමට තුඩු දේ.

නමුත්, මෙම කල්පිතයන් විචේනාත්මකව තක්සේරු කළයුතු වේ.

ඔවුන් කුමන උපකල්පනයන් මත රැඳේ ද ?, ඔබ උපකල්පන වල වලංගුභාවය ගැන විශ්වාස කරනවාද ?. මෙම උපකල්පන දෙකම වසංගතයේ ප්‍රභවය පිළිබඳව අපක්ෂපාතී උපකල්පන ලෙස පවතියි.

A අනවසර ජල සැපයුම් වල වරදක් ඇති බවට උපකල්පනය කරයි B පෞද්ගලික ජල සැපයුමේ ප්‍රමිතියක් නැති බව උපකල්පනය කරයි.

මෙම කල්පිත දෙකම ගැඹුරු ප්‍රශ්නයක් වන නිසා මෙවැන්නක් වීමට ඇති හැකියාව ගැන සොයාබැලිය යුතුය. වසංගතය ආරම්භ වූවේ කෙසේද ? මේ නිසා වඩා හොඳ කල්පිතයක් වනු ඇත්තේ,

(C) X නම් මහ නගර සභා බලප්‍රදේශය තුළ ජලයෙන් ව්‍යාප්ත වන රෝගාබාධ පැතිරීයාමට හේතුව වී තිබෙන්නේ පෞද්ගලික සමාගම් හරහා ජලය බෙදාහැරීම හෝ අනවසර ජල මූලාශ්‍රයන් ය.

සංශෝධිත මෙම උපකල්පනය ඔබේ ගවේෂණාත්මක පුවත් පෙළගැස්ම ගැන නැවත වතාවක් සැලකිලිමත් වීමට අවකාශ ලබාදෙන අතර ගවේෂණය වඩාත් පැහැදිලිව හා සමබරව සකස් කිරීමට ද අවකාශ සලසයි.

(D) ජලය පෞද්ගලීකරණය නිසා එමගින් ව්‍යාප්ත වන පාචනය රෝගය X නම් මහ නගර සභා බලප්‍රදේශය තුළ ව්‍යාප්ත වන ප්‍රධාන වසංගතයක් වී ඇත. මෙම ගවේෂණයෙන් වසංගතය ආරම්භ වන්නේ කෙලෙසදැයි සොයාබලයි. පෞද්ගලික සමාගමෙන් බෙදාහරින ජලය මිලදීගැනීමට නොහැකි නිසා ඔවුන් දූෂිත ජලය පාවිච්චි කරනවාද ? නැත්නම්, පෞද්ගලික ජල නිෂ්පාදන සමාගම සිය පිරිවැය අවම කර ඇති නිසා ප්‍රමිතිය බාලකරනවාද ? වසංගතයට හේතුවු කරුණු පිළිබඳව විද්‍යාඥයින් සමග කතාබහ කරමු. දුප්පත් ජනතාව දෛනික ජල අවශ්‍යතා සොයාගෙන යන අන්දම ගැන සොයාබැලීම හා ස්වාධීන විශේෂඥයෙකු සමග ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ප්‍රමිතීන් ගැන සොයාබලමු. පාචනය ආරම්භ වූ අන්දම ගැන තහවුරු කරගත් විට මෙවැන්නක් නැවත ඇතිවීම වැළැක්වීමට කළයුත්තේ කුමක්දැයි සොයාබලමු.

ඔබ පැහැදිලිව නිර්වචනය කළ උපන්‍යාසයක් වර්ධනය කරගත් පසු මූලාශ්‍රය සොයාගැනීම ඇතුළුව, ඔප්පු කිරීමේ නිර්ණායකයක් වර්ධනය කිරීම, ක්‍රමවේදයක් තීරණය කිරීම, කාලසටහනක් හා අයවැය සැකසීම ඇතුළුව පර්යේෂණ සැලසුමක් නිර්මාණය කළ යුතුවේ.

පහත දැක්වෙන පරිච්ඡේද වලින් මෙම පියවරයන් සැලසුම් කරන ආකාරය ගැන සමාලෝචනයක් ලබාදෙනු ඇත. මෙම මාර්ගෝපදේශනයේ එන ඉදිරි පරිච්ඡේද වලින් මෙම එක් එක් පියවර ක්‍රියාවට නගන්නේ කෙසේද යන්න ගැන සවිස්තරාත්මකව විස්තර කරනු ඇත.