නිශ්චිත අදහසක් ඉදිරිපත් කිරීමෙන් පසු ගවේෂණාත්මක වාර්තාකරණයේ මීළඟ පියවර වන්නේ කල්පිතයක් නිර්මාණය කරමින්, මූලාශ්‍ර සිතියම්ගත කිරීමයි. මේ ගවේෂණාත්මක පුවතට සම්බන්ධ වී සිටින ප්‍රධාන චරිත කවුරුන්ද යන්න හා ඔවුන්ගේ කාර්යයන් වාර්තා කරන ඕනෑම ලේඛනයක් හඳුනාගැනීමට සිදුවේ.

බොහෝ ප්‍රසිද්ධ වාර්තා මගින් රජය, රෝහල් කාර්යමණ්ඩල, සංස්ථා ආදිය මාෆියා හා දූෂිත දේශපාලඥයින් ගැන අනාවරණය කරයි. ඔබේ මුල් උපකල්පනයන් විවිධ මූලාශ්‍ර මගින් තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හැක. සෑම විස්තරයක් සඳහාම ද්විත්ව මූලාශ්‍ර මූලධර්මය භාවිත කරන්න. එකම තොරතුර තහවුරු කරගැනීමට ස්වාධීන මූලාශ්‍ර දෙකක් මත රඳා පැවතීම ද්විත්ව මූලාශ්‍ර මූලධර්මයේදී සිදුවේ. මෙම මූලාශ්‍ර පසුබිම් විශේෂඥයින් ලෙස කටයුතු කරනු ඇති අතර ඔවුන්ව සම්බන්ධ කරගත හැකි තොරතුරු ඔබගේ ලිපින පොතට එකතු කරගැනීමට වගබලාගන්න. මෙම මූලාශ්‍ර ප්‍රාථමික හෝ ද්විතියික විය හැකිය.

ප්‍රාථමික මූලාශ්‍ර – මුල් සාක්ෂි සපයන මූලාශ්‍ර හෝ සෘජු අත්දැකීම් සම්බන්ධ කරයි.

උදාහරණයක් ලෙස රෝහලේ පිටුපස දොරෙන් හෙදියකගෙන් මත්ද්‍රව්‍ය මිලදීගත් රෝගියෙකු මෙම විශේෂිත අත්දැකීම ගැන පැවසීමට හැකි ප්‍රධානතම මූලාශ්‍රය වුවත් හෙදියන් පිටුපස හිඳගෙන මෙවැනි ක්‍රියාවල නිරත වන්නේ දැයි ගැන සහතික කිරීමට නොහැකිය.

සතියකට වරක් වෙනුවට මසකට වරක් ජල පවිත්‍රාගාරය පරීක්ෂා කරන වැඩ නායකයකයා ද ප්‍රාථමික මූලාශ්‍රයකි. ජාත්‍යන්තර අවි සමාගමකින් ලැබුණු මුදල් පැහැදිලිව පෙන්වන කැබිනට් ඇමතිවරයෙකුගේ බැංකු ප්‍රකාශය ද මෙහිලා දැක්විය හැකිය.

ප්‍රාථමික මූලාශ්‍ර – ඔබ ඒවා සත්‍යාපනය කොට විශ්වාසදායක බවට සහතික කර ඇතිතාක් දුරට ඒවා සෘජු සාධකයක් සපයන බැවින් අතිශය වටිනා මූලාශ්‍ර වේ. බොහෝවිට මෙවැනි තොරතුරු සොයාගැනීමට අපහසු වේ. මීට අදාළ පුද්ගලයන් මේ වාර්තා වල ගොදුරු බවට පත්විය හැකි නිසා ඒ ගැන උනන්දු වීමට පැකිලේ. බැංකු හෝ රෝහල් වාර්තා රහසිගතව තබාගත හැකි හෝ පෞද්ගලිකත්වය සම්බන්ධ නීති මගින් සීමාවට ලක්වේ.

ද්විතීය මූලාශ්‍ර – ආයතනික වාර්තා හා ද්විතීය ගිණුම් ආදිය ඇතුළත් සියලුම ප්‍රකාශිත තොරතුරු මීට ඇතුළත් වේ. සන්දර්භය හා පසුබිම ගැන දැනගැනීමට, ප්‍රශ්න පැහැදිලි කිරීමට හොඳ සම්බන්ධතා වලට මඟපෙන්වීමට මෙම ද්විතීය මුලාශ්‍ර අතිශය වටියි. කෙසේ වුවත්, ද්විතීය මූලාශ්‍ර වශයෙන් ලබාගන්නා තොරතුරු, ඒ තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයා කවුරුන්දැයි යන්න ගැන පරික්ෂා කර බලා සත්‍යාපනය කරගත යුතුවේ.

තවද, පුද්ගලයින්, ලිපිගොනු, ඩිජිටල් මාධ්‍යයේ තිබෙන තොරතුරු හා සමූහ මුලාශ්‍ර ලෙස කේන්ද්‍රකරගත් මූලාශ්‍ර කොටස් හතරකින් යුතුව මෙම මූලාශ්‍ර වෙන් කළ හැකි වේ.  

 පුද්ගලයින් කේන්ද්‍ර කරගත් මූලාශ්‍ර – බොහෝ මූලාශ්‍ර මේ වර්ගයට අයත් වේ. සෘජුව සම්බන්ධවූවන්, ඇසින් දුටු සාක්ෂිකරුවන්, විද්වතුන් හා උනන්දුව දක්වන පාර්ශ්වයන්, උද්යෝගයෙන් හා අකමැත්තෙන් යුතු අය මීට අයත් වේ. අදාළ තත්ත්වය ගැන මනාව තේරුම්ගැනීම, ඔබ සමග කතාබහේ නිරත වෙන පුද්ගලයින්ගේ සාක්ෂි පත්‍ර හා අභිප්‍රායන් මනාව තේරුම්ගෙන කටයුතු කිරීමට වගබලාගන්න.

උදාහරණයක් ලෙස ඔබ රචනා කිරීමට බලාපොරොත්තු වන්නේ ජලය පෞද්ගලීකරණය කිරීම ගැන වූ පුවත නම් පෞද්ගලීකරණයට විරුද්ධ සංවිධාන වල නියෝජිතයින් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය සම්බන්ධයෙන් සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට සමත් වනු ඇත. නමුත්, මෙම තොරතුරු නිශ්චිත ස්ථානයකින් පැමිණෙනු ඇති අතර මෙවැනි සංවිධාන වල නියෝජිතයින් බහුතර ජනතාව වෙනුවෙන් සිය හඬ අවදි කිරීම සිදුකරනු ඇත.

ඔවුන් සමූහයේ අදහස් සාරාංශ කිරීමෙන් පසු වැදගත් කරුණු වෙනස් කිරීම හෝ ඉවත් කිරීම සඳහා ප්‍රජා මතයන් සංවිධානය කිරීම හා සංස්කරණය කිරීම කළහැකි අතර සමහරවිට මෙය අවිධිමත් ලෙස ද විය හැක. මේ නිසා ඔබ පුළුල් පරාසයක විහිද ගිය ද්‍රෘෂ්ටිකෝණයන් සොයාගත යුතුවේ. මේ ප්‍රජාව නියෝජනය කරන ජනතාවට ආමන්ත්‍රණය කරන්නේ නම් එහිදී ඔබ කතාබහ කරන ක්ෂේත්‍ර විවිධත්වයෙන් යුතු මේ සියලුම ජනතාව නියෝජනය කරන ඒවා වීමට වගබලාගන්න. විවිධ ආදායම් මෙන්ම රුචිකත්වයෙන් යුතු කාන්තාවන්, පිරිමින්, තරුණ පිරිස්, වයස්ගත පිරිස් මේ අතර සිටිය හැක. ඔබ ඉදිරිපත් කරන ගවේෂණාත්මක පුවතට පුද්ගලයින්ගේ හඬ ප්‍රාණයක් ගෙනදෙන නිසා හුදෙක් කඩදාසි හෝ ඉලෙක්ට්‍රොනික් මූලාශ්‍ර මත පමණක් රැඳී නොසිටින්න.

ලිපිගොනු – පොත්, පුවත්පත් හා සඟරා, නිල වාර්තා හා කොන්ත්‍රාත් හා බැංකු ප්‍රකාශ වැනි ව්‍යාපාරික ලිපිගොනු මීට අයත් වේ. දළ තොරතුරු හෝ බහුලව ව්‍යාප්ත වී ඇති නමුත් ප්‍රකාශයට පත්වී නැති තොරතුරු මේ අතරට අයත් වේ. (උදාහරණ ලෙස පෞද්ගලික ආයතන වලින් නිකුත් කළ අධ්‍යයන තොරතුරු, ශාස්ත්‍රීය නිබන්ධ), නිළ වශයෙන් පවතින රහස්‍ය තොරතුරු ද ඊට අයිති වේ. බොහෝ විට මේ මූලාශ්‍ර ඔබ සොයන තොරතුරු වලට සාක්ෂි සපයන්නක් වේ. මේ ‘ලිපිගොනු ගවේෂණයෙන් පසු‘ යනුවෙන් මෙය හැඳින්වේ.

නමුත්, ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ලේඛනගත සාක්ෂි සොයන විට ගැටළු රැසකට මුහුණදීමට සිදුවේ, සමහරවිට සාක්ෂි තිබේද යන්න මාධ්‍යවේදීන් නොදනී, පොදු වාර්තා අවුල් සහගත හා සෙවීමට නොහැකි වේ, ඇතැම් විට ලිපිගොනු සොයාගැනීමට අවසර ලැබෙන තොරතුරු සොයාගැනීමේ නිදහසට අදාළ නීතිමය කරුණු නොතිබිය හැක.

මේ ක්‍රියාවලිය නතර කළහැකි නිළධාරීන් සැලකිලිමත් වන ප්‍රධාන කාරණයක් වන්නේ අදාළ තොරතුරු ඔවුන්ට හෝ ආණ්ඩුවට එරෙහිව යොදාගනු ඇති බවට බියවීමයි. ගවේෂණාත්මක පුවතකදී සිදුකරන සමාරම්භක පර්යේෂණයක පවතින එක් වැදගත් කොටසක් වන්නේ ඔබ ගවේෂණය කරන ක්ෂේත්‍රයට අදාළව සොයා බලන ලිපිගොනු කවරේදැයි සොයාබැලීමයි, ඒවා ගබඩා කරන්නේ කොතැනද ? මෙන්ම ඒවාට පිවිසිය හැකි ආකාරය කෙසේද යන්න ගැන සොයාබැලිය යුතුය. නිල අවසරය ලබාගැනීමට සති හා මාස ගණනාවක් යන නිසා එවැනි සුවිශේෂී අවසරයක් අවැසි නම්, ඔබේ පර්යේෂණයේ මුලදීම එය කළයුතුවේ.

කීර්තිමත් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන බිල් ගේන්ස්, ලිපි ලේඛන අධ්‍යයනය කිරීම සිය සාර්ථකත්වය ලෙස දක්වයි. ‘‘අනෙක් අයට සොයාගත නොහැකි වුණු තොරතුරු මට සොයාගන්න හැකිවුණේ ලේඛන සොයාගත තැන් වලට ගිහිං ඒ ගැන සොයාබැලූ නිසයි‘‘. ගේන්ස් ප්‍රසිද්ධ ලේඛන වලින් ඔහුට අවශ්‍ය දෑ සොයාගත්තේ රහසිගත ලිපිගොනු වැටලීම් වලින් නොවේ.

ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී ආයතනයක් ලියූ දෙයක් හා දේපළ ලේඛන නිසා ආයතනයක් දූෂණයේ යෙදුණු බව වැදගත් ලේඛනයකින් සොයාගෙන ඇත.

 ඩිජිටල් මාධ්‍ය මූලාශ්‍ර – වෙබ් අඩවි වල හා ඩිජිටල් මාධ්‍යයේ ගබඩා කර තිබෙන තොරතුරු මීට අයත් වේ. මෙම මූලාශ්‍ර සොයාගැනීමට අසාමාන්‍ය කුසලතා අවශ්‍ය නොවේ. අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි තොරතුරු අන් මූලාශ්‍ර මෙන් ප්‍රමාණවත් නොවූවද, මේ තොරතුරු ගලාඑන්නේ කොතැනින්ද යන්න තහවුරු කරගැනීමට අවශ්‍ය වන අතර ඔවුන්ගේ සාක්ෂි හා විය හැකි දේවල් ගැන ද අවධානය යොමුකළ යුතුවේ. නිළධාරීන් ඔවුන් ගැන ලියනවාද යන්න, මිතුරන් හා පවුලේ අය ඔවුන් ගැන විස්තර කරන්නේ කෙසේද යන්න සොයාබැලිය යුතුවේ.

නමුත්, අන්තර්ජාලය පාලනයෙන් තොර වූවක් බව සිහියේ තබාගත යුතුවේ. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් අන්තර්ජාලයේ පළකල හැකිවේ. මීට අමතරව අන්තර්ජාලයේ පළකරන පෝස්ට් යල්පැනගිය ද ඒවා දිගුකාලයක් පුරා රැඳී පවතියි. පළමුවෙන්ම මෑතකදී පළවූ මූලාශ්‍ර ගැන නිරන්තරයෙන් සොයාබලන්න.

European Journalism Centre (EJC) මගින් පළකරන ලද අත්පොතේ පිටපතක් බාගත කරගෙන වැඩිදුර කරුණු ගැන විමසන්න. ඩිජිටල් මූලාශ්‍ර සමග කටයුතු කිරීමට අවශ්‍ය මෙවලම්, තාක්ෂණ හා පියවර ගැන මෙහිදී මාර්ගෝපදේශයක් ලබාදෙනු ඇත.

සමූහ මුලාශ්‍ර – මෙම නව මෙවලම මගින් මානව හා ඩිජිටල් මූලාශ්‍රයන් ඒකාබද්ධ කරයි. මාධ්‍ය ආයතන  වලට පාඨක අවධානය යොමුකරගනිමින් ගවේෂණාත්මක පුවත් වලට යොමුකිරීමට අවශ්‍ය පසුබිම සකසයි.

ඉන්දියාවේ මෙන්ම අප රටේ ද පවතින තොරතුරු පනත හරහා පිවිසීමට අසීරු දත්ත ලෙස පවතින මුලාශ්‍ර වලට ඇතුළු වීමට හැකිවේ, දකුණු අප්‍රිකාවේ පවතින තොරතුරු ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වූ සර්බියාවේ තිබෙන පොදු වැදගත්කමක් සහිත තොරතුරු සඳහා නිදහස් ප්‍රවේශය පිළිබඳ නීතිය වැනි විශේෂ නීති, අණපනත් වුවමනා වේ. සෑම රටකදීම මෙම නීති ඒවායේ නම් වලින් පමණක් නොව අන්තර්ගතයන් අනුව ද වෙනස් වන අතර මේ නිසාම නෛතික රෙගුලාසි ගැන ගෝලීය වශයෙන් උපදෙස් ලබාදීම දුෂ්කර වේ. නමුත්, ගවේෂණය ආරම්භ කිරීමට පෙර ඔබේ රටේ පවතින නීති පිළිබඳව පර්යේෂණයක් සිදුකිරීමට මතක තබාගන්න.