3. කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ කෙසේද ?

3. කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ කෙසේද ?


කණ්ඩායමක් ලෙස ගවේෂණාත්මක විමර්ශනයේ යෙදෙන්නට ඔබ තීරණය කර ඇත්නම් මෙහිදී සැලසුම් කරගත යුතු අතිරේක කරුණු තිබේ,

පළමු කරුණ වන්නේ ව්‍යාපෘති කළමනාකරුවෙකු ය. කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගෙන්ම ප්‍රමාණවත් හා අදාළ තොරතුරු ලැබේදැයි යන්න සහතික කරගැනීම හා ඒවා එකට ඒකරාශී කරගත යුතු නිසා මෙම පුද්ගලයා අතිශය වැදගත් වේ.

දෙවැනි කරුණ වන්නේ සමස්ත කණ්ඩායමටම විෂය කරුණු ගැන සංවාද කළ හැකි වැඩමුළුවක් සිදුකිරීම හා ඉදිරියේදී සිදුකළ යුතු දෑ පැහැදිලිව සටහන් කරගැනීමයි. මේ ක්‍රියාවලියට අවශ්‍ය ආකෘතිය කෙලෙස සකස් විය යුතුද ? යන්න ද ඔබ තීරණය කළයුතුය.

  • ? කණ්ඩායමේ සාමාජිකයින් එකිනෙකා හා සන්නිවේදනය කරන්නේ කෙසේද ? කවදාද ?
  • ? ව්‍යාපෘති කළමනාකරු කෙතරම් කාලයකට වතාවක් කෙලෙස අනෙක් පිරිස සමග සම්බන්ධ වනවාද ?
  • ? විමර්ශන ක්‍රියාවලියේ සෑම අදියරකදීම සංස්කරණය කිරීම, සංශෝධනය කිරීම, ප්‍රතිපෝෂණය හා නිවැරදි කිරීම සිදුකරන්නේ කෙසේද ?
  • ? අවශ්‍ය කටයුතු සිදුනොවන විට එහි දෝශ නිරාකරණය කරන්නේ කෙසේද ?
  • ? අවසාන ප්‍රතිඵලය පිළිබඳව සියලු දෙනා එකඟ වන්නේ කෙසේද ?
  • ? ආපසු ගෙවනු ලබන්නේ කුමන වියදම්ද ?
  • ? හොරෙන් අනෙක් අයගේ කතාබහට කණ්ඩායමක් ලෙස සවන්දෙනවාද ? අවශ්‍ය නම් ලේඛන වලට ගෙවීම් සිදුකරනවාද ?

එමෙන්ම, ප්‍රශ්න, ගැටුම් වළක්වාගැනීමට එකිනෙකාගේ භූමිකාව හා කාර්යභාර්යන් පැහැදිලිව නිර්වචනය කළයුතුවේ. මේ කණ්ඩායමේ සාමාජිකයෙකු එකවර ආයතනයේ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද සේවය කරන අවස්ථා වලදී මණ්ඩලය තීරණ ගන්නා අවස්ථා වලදී ඒ අදහස් කණ්ඩායමේ සාමාජිකත්වය හා නොගැටෙන පරිදි කළමනාකරණය කළයුතුවේ. එමෙන්ම, ව්‍යාපෘති කළමනාකරු හා සංවිධානයේ නායකත්වය අතර සම්බන්ධතාවය තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී පැහැදිලිව ස්ථාපිත වී තිබිය යුතුවේ. ව්‍යාපෘති කළමනාකරු හා ආයතනයේ නායකත්වය ගිවිසුමකට එළඹිය යුතුය.

මෙම සංවිධානාත්මක පියවර හැරුණු විට, කණ්ඩායම විෂය කාරණා පිළිබඳ හුරුපුරුදු විය යුතුය. සෑම අයෙකුටම සමස්තය ගැන මනා අවබෝධයක් තිබිය යුතු අතර ගවේෂණයේ පසුබිම ගැන ප්‍රශ්න කළ හැකිවේ. මහජනතාව නියෝජනය කරන අය ලෙස මෙම කාරණය ගැන කණ්ඩායමේ උනන්දුව කෙසේ වේද ?, මෙම වැඩමුළුවේදී හොඳ ගවේෂණාත්මක මාධ්‍යවේදී පිළිවෙතක් අනුගමනය කිරීම තීරණාත්මකය, අවසාන ප්‍රතිඵලයේ ගුණාත්මකභාවය මෙමගින් තීරණය කරනු ඇත. හොඳම මාධ්‍ය භාවිතයන් හා ආචාර ධර්ම මෙම සාකච්ඡාවේ කොටසක් විය යුතුය. මුලික ක්‍රියාකාරී උපන්‍යාසයක් වැඩිදියුණු කිරීම හා පසුබිම් තොරතුරු සහ මූලාශ්‍ර පදනම් කරගත් ඉදිරියේදී සිදුකළ යුතු කාර්යයන් පෙළක් සකස් කරගත යුතුවේ.

ගවේෂණ ක්‍රියාවලියේදී, විෂය පිළිබඳ ශක්‍යතාව, ව්‍යාපෘති කළමනාකරු විසින් ඉටුකළ හැකි ඉලක්කයන් තීරණය කරනු ලැබේ, මේ සමග ඉදිරියේදී සිදුකරන කාර්යභාරයන් සංශෝධනය කරයි. නව මූලාශ්‍ර හඳුනාගෙන වඩාත් සවිස්තරාත්මක හා නිරවද්‍යව ඉදිරියේදී සිදුකරන වැඩ ලැයිස්තුවක් කණ්ඩායමට දැනුම් දේ. ව්‍යාපෘති කළමනාකරු මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස අවම වශයෙන් එක් ගවේෂණාත්මක කතාවක් ඉලක්ක කරනු ඇත. මේ ගවේෂණාත්මක කතාවේදී අවම වශයෙන් දේශීය ප්‍රශ්නයක් පිළිබඳව මහජනතාවගේ අවබෝධය පුළුල් කෙරෙනු ඇත. කණ්ඩායමේ ඉල්ලීම මත හෝ එකිනෙකාගේ ඉල්ලීම් මත හෝ ඔහු විසින්ම හෝ කළමනාකරුද සන්නිවේදනය කළයුතුවේ, මධ්‍යගතව ලබාගත් ප්‍රවීණතාව හා කණ්ඩායමේ ප්‍රගතිය ගැන යාවත්කාලීන කිරීම් හා සහක්‍රියාවන් නිර්මාණය කරන ආකාර වේ. තවදුරටත් ගතහොත්, කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් ලැබෙන විවිධ තොරතුරු භාවිත කරන්නේ කෙසේද යන්න ගැන ව්‍යාපෘති කළමනාකරු තීරණය කරයි.


Spotlight

Spotlight කණ්ඩායම කළ සොයාගැනීම් ප්‍රාදේශීය පුවත්පත් කණ්ඩායමක් ප්‍රවෘත්ති කාමරයේදී කළ වික්‍රමයකි. ‘Boston Globe’ පුවත්පතේ මාධ්‍යවේදීන් Boston Catholic Archdiocese හි කාදිනල්වරු හා බිෂොප්වරු පිරිසක් පූජකයින් විසින් දරුවන්ට ලිංගික අතවර කළ සිදුවීම් පෙළක් සඟවා ඇති බව 2002 වසරේදී සොයාගනී. මොවුන් මේ පුවත ඇමරිකා එක්සත් ජනපදයේ පුවත්පත් වල වාර්තා කිරීමෙන් පසු මේ පිළිබඳ අනෙකුත් මාධ්‍ය ආයතන ද මේ ගැන වැඩිදුර තොරතුරු සෙවීම ආරම්භ කරන අතර ඔවුන්ගේ ප්‍රදේශ වල හා රටවල සිදුවූ මෙවැනි සිද්ධි ගැන ගවේෂණයේ යෙදේ. මේ සමස්ත ගවේෂණය 2015 වසරේදී Spotlight නමින් සිනමාපටයකට නැගුණි.

VS.

Panama Papers

පැනමා පේපර්ස් සිද්ධිය අන්තර්ජාතික මට්ටමේ ගවේෂණාත්මක සහයෝගීතාමය වාර්තාකරණයකට හොඳ උදාහරණයකි. පැනමා වල නීති සමාගමක දත්ත කාන්දු වීමත් සමග එක් වර්ෂයකදී රටවල් 70 කට වැඩි ගණනක ජනමාධ්‍යවේදීන් 400 කට ආසන්න පිරිසක් ගවේෂණක් ආරම්භ කළහ. දේශපාලඥයින්, ක්‍රීඩකයින්, අපරාධකරුවන් ආදී පිරිස් නීති විරෝධී කටයුතු සඳහා පැනමා හි බැංකු ගිණුම් විවෘත කර තිබෙන බව අවසානයේදී සොයාගැනීමට ලැබුණි. මීට අදාළව මිලියන 11 කට අධික ලේඛන විශ්ලේෂණය කළ අතර එක් මාධ්‍යවේදියෙකු පමණක් මීට සම්බන්ධ වූවා නම් එක් අයෙකුට පමණක් මෙවැනි තොරතුරු සම්භාරයක් තනිවම විශ්ලේෂණය කළ නොහැකි වන්නට තිබුණි. මෙම උදාහරණයෙන් පෙන්නුම් කරන්නේ කණ්ඩායමේ ප්‍රමාණය, දත්ත ප්‍රමාණය මත හා ඊට සම්බන්ධ වන මාධ්‍යවේදීන් මත රඳා පවතින බවයි. අන්තිමේදී ලොව සිදුවූ විශාලතම මූල්‍ය වංචා වලින් එකක් ලෝකය පුරා විවිධ මාධ්‍ය වලින් පළවන මාධ්‍ය ආයතන වලින් ප්‍රකාශයට පත්විය.


ඔබ මේ වනවිට කල්පිතයක් සකස් කරගෙන තෝරාගත් පුවත විමර්ශනය කිරීමට සැලැස්මක් සකස් කරගෙන ඇත. දැන් ඔබට සැබෑ ගවේෂණය ආරම්භ කිරීමට හැකිවේ. විවිධාකාර පර්යේෂණ ක්‍රම හා ඔබ සතු දත්ත ගබඩා කරගන්නේ කෙසේද ?  යන්න මීළඟ පරිච්ඡේදයෙන් විස්තර කෙරේ.