2.1. ඔබේ සුරක්ෂිතභාවය තහවුරු කරගැනීම


මාධ්‍යවේදීන් සුරක්ෂිත කරන නීති හෝ ඒවායේ ශක්තිමත්, දුර්වල බව රටින් රටට වෙනස් වේ. නමුත්, නීතිය දැන සිටීම මෙන්ම මෙවැනි නීති උල්ලංඝනය කළවිට අත්වන ප්‍රතිවිපාක හා අවදානම්කාරී තත්ත්වය ගැන ද මනාව දැනුවත් වී සිටීම ඔබේ වගකීමක් වේ. ඔබ හා ඔබේ මුලාශ්‍රයට හමුවිය හැකි හොඳම ස්ථානය කොතැනදැයි තීරණය කරන්න.

පොදු හෝ පුද්ගලික ස්ථානයකදී  ඔබේ මුලාශ්‍රය හමුවීම වඩා හොඳය. මිනිස්සු වැඩිපුර ගැවසෙන, වටපිටාවේ ශබ්ද ඇසෙන ස්ථානයක් හෝ සැඟවුණු, හුදකලා තැනක් වුවද මෙවැනි හමුවකට ගැළපේ. සෑමතැනකම සීසීටීවී කැමරා සවිකර ඇති තැනක් ද යන්න මැනවින් සොයාබලන්න. ඔබ හා මුලාශ්‍රය හමුවී අතිශය සංවේදී කතාබහක නියැලේ නම්, කවුරුන් හෝ මීට සවන්දෙනු ඇති බවට සැකයක් තිබේනම් වැඩිපුර මිනිසුන් ගැවසෙන ඝෝෂකාරී පරිසරයක් තෝරාගන්න. වටපිටාවේ ශබ්ද ඇසෙන විට අනෙක් අයට ඔබේ සංවාදයට සවන්දීමට අපහසු වේ.

කෙසේවෙතත්, ලිඛිත ලියවිල්ලක්, පරිගණකයක සටහන් කළ තොරතුරක්, ශ්‍රව්‍ය හෝ ද්‍රෘෂ්‍ය පටිගත කිරීමක් පවතින විට ඒවා නිරවද්‍යව ගබඩා කළයුතුවේ. නිවැරදි දින හා ලිපිගොනු තබා මෙම තොරතුරු නැවත ලබාගැනීමට හැකිවන පරිදි බහාලිය යුතුවේ. මූලාශ්‍රය පවසන තොරතුරු ලබාගැනීමට හැකි නිශ්චිත ස්ථානයක් පවතීදැයි විමසිලිමත්වන්න. මූලාශ්‍රය / ඔහු/ඇය සත්‍ය ලෙසින්ම දුටුවේ නැතිනම් පවසන්නට යන දේ කුමක්දැයි විමසා බලන්න. ඔවුන්ගේ අභිප්‍රායන් මොනවාද ? යන්න ගැන මෙන්ම සත්‍ය වශයෙන්ම ඔවුන් පවසන දේ ගැන සවිස්තරාත්මක සටහනක් තබාගන්න. ඔබට හැකිනම් ඔවුන් පවසන සියලු තොරතුරු ලියවිල්ලක්, කෙටි වචන පෙළක් හෝ පටිගත කළ තොරතුරු ලෙස එකට එක්කිරීමට කටයුතු කරන්න. ඔබගේ මූලාශ්‍රය සමග සිදුකළ සියළුම කතාබහ මෙන්ම ඔවුන් කළ ගෙවීම්, ඉල්ලීම් ගැන ද සම්පූර්ණ වාර්තාවක් තබාගන්න. සමස්ත ගවේෂණයට ගිය වියදම් සමග ඔවුන්ට කළ ගෙවීම් වල රිසිට්පත් ද අමුණා තබාගන්න.

ඔබේ මූලාශ්‍රය සමග පැහැදිලි හා අවංක සබඳතාවක් ඇතිකරගන්නා බවට සහතික වන්න. කිසිම හේතුවක් නිසා ඔවුන්ට බොරු නොකියන්න. ඔබට ඉටුකළ නොහැකි පොරොන්දු හෝ ප්‍රතිවිපාක අත්නොවන සිද්ධි ගැන අනාවැකි නොකියන්න. ඔබේ මූලාශ්‍ර සමග වුවමනාවට වඩා පෞද්ගලික සම්බන්ධතා ඇතිකර නොගන්න,  එමෙන්ම වෘත්තීය දුරස්ථභාවය පවත්වාගෙන යා නොහැකි වන අන්දමින් ඔවුන්ගේ ගැටළු වලට මැදිහත් නොවන්න.

මූලාශ්‍රය ඔබ සමග පවසන්නේ සත්‍යය කරුණු පමණක් බව සහතික කරගන්න. මේ නිසා වෘත්තීයමයභාවය ආරක්ෂා කරගනිමින් ඔවුන්ගෙන් තොරතුරු ලබාගැනීමට උත්සහ ගන්න. ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු සනාථ කරගෙන ඔවුන් සැගවීමට උත්සහ ගන්නා කතාවේ ඕනෑම කොටසක් ගැන සැකමුසුව විමසන්න. අසීරු ප්‍රශ්න අසන්න. ඔවුන් තොරතුරු ලබාදීම හදිසියේම නතර කරන අවස්ථා හා මේ සම්බන්ධතාවයේදී හටගත හැකි ගැටුම් වලට මුහුණදීමට සූදානමින් සිටින්න, සිදුවී ඇති වැරැද්ද කුමක්දැයි නිරන්තරයෙන් විමසා බලන්න. පරිපූර්ණ සාක්ෂිකරුවෙකු නමින් කිසිවෙකු නැත, ඔබ මීට පෙර නොදන්නා මූලාශ්‍රයක් ගැන තොරතුරු දැනගැනීමෙන් පසු පුදුමයට පත්වීම අවශ්‍ය නොවේ. මූලාශ්‍ර ආරක්ෂණය ගැන අනොන්‍ය වශයෙන් ඇති එකඟතාව හැරුණු කොට ඔබේ ගවේෂණයේ අන්තර්ගතය හා විකාශනය පාලනය කිරීමට මූලාශ්‍රයට හැකි බවට වූ යෝජනාවට එකඟ නොවන්න.