2.1. ව්‍යුහගත සම්මුඛ සාකච්ඡා


පුද්ගලයෙකු හා සම්මුඛ වන විට පුවත්පත් වාර්තාකරුවෙකු බලාපොරොත්තු වන්නේ හොඳම කතාවයි, සමහරවිට එය අතිශය අප්‍රසන්න කතාවක් විය හැක. නමුත්, ඔබට අවශ්‍ය වන්නේ සත්‍ය කරුණුය. ඔබ වෙනත් මිනිසෙකු ගැන ‘අදහසක්‘ ඇතිකරගන්නේ කෙසේද ?. ඔහු / ඇය සතුව පවතින වත්කම් මොනවාද ? යන්නෙන් පටන්ගෙන ඔහුගේ / ඇයගේ පුද්ගලික ඉතිහාසය ගැන විපරම් කරන්න. මේ තැනැත්තා සමග වැඩකර ඇති හෝ දැනටමත් වැඩකරන අය සමග කතාබහේ යෙදෙන්න. ඔවුන් ඔහු / ඇය ගැන පවසන්නේ මොනවාද ? ඔබ මෙවැනි සාක්ෂි වලට මුහුණ දෙන විට අතිශය සුවිශේෂී, ආන්දෝලනාත්මක පුවත් සිරස්තලයක් සොයාගැනීමේ මාර්ගයට පිවිසී සිටිනවාදැයි යන්න සැක කිරීමට පටන්ගනී. නමුත්, බලපෑම් සහගත පුද්ගලයින් ගැන පරෙස්සම් වන්න. ඔහු / ඇය ගැන කියන කතා හැමවිටම විශ්වාස නොකරන්න.

ව්‍යුහගත සම්මුඛ සාකච්ඡා යනුවෙන් අදහස් වන්නේ හුදෙක් පුද්ගලයින් සමග මාධ්‍යවේදයට අනුගත සම්මුඛ සාකච්ඡා ශෛලියකට අනුව කතාබහ කිරීම නොවේ, නමුත්, මිනිසුන් අත්විඳ ඇති අත්දැකීම් හා දැක ඇති දේවල් වලින් පෝෂණය ලබමින් ඔබේම දත්ත සමුදායන් හා සංඛ්‍යා ලේඛන ගොඩනැගීම සඳහා ක්‍රමවත් ක්‍රියාවලියක් වර්ධනය කරගත යුතු වේ. සම්මුඛ සාකච්ඡාවට බඳුන්වන සියලු දෙනාගෙන් විමසීමට සම්මත ව්‍යුහගත සම්මුඛ සාකච්ඡාවක් යොදාගත යුතුවේ. (එකිනෙකා සමග සාකච්ඡා කිරීමේදී අලුත් කරුණක් හෙළිදරව් වුවහොත් එවැන්නක් ගැන විමසීමට නම්‍යශීලී අමතර ප්‍රශ්න ද එකතු කරගත යුතුය). ඊට හේතු වන්නේ මූලාශ්‍ර ‘වාචිකව ප්‍රකාශ‘ කරන කරුණු සංසන්දනය සඳහා ලිඛිත වාර්තා නොපවතින නිසා ප්‍රමාණාත්මක තොරතුරු සංගෘහිත කිරීම අත්‍යවශ්‍ය වීමයි. මෙය කුඩා සමීක්ෂණ පැවැත්වීමට ඔබට උපකාරී වනු ඇත. පහත අන්දමින් කටයුතු කරන්න.

(1) කරුණු සොයාගත හැකි ප්‍රශ්න මාලාවක් සකස් කරගන්න

උදාහරණයක් ලෙස යමක් මුලින්ම සිදුවූවේ කවදාදැයි මූලාශ්‍රයෙන් විමසන්න. මේ ආකාරයෙන් යම් ගැටළුවක් ආරම්භ වූ අන්දම ගැන සොයාගැනීමට හැකිවනු ඇත. (උදාහරණ – ආගන්තුකයෙක් විසින් කළ දූෂණයක් හෝ පහරදීමක්, ප්‍රදේශවාසීන් අතුරුදහන් වීම) මීට බලපෑ හැකි හේතු (උදාහරණ – ‘X සිද්ධිය වුණු කාලේමයි ඒකත් වුණේ‘ යනුවෙන් ජනතාව පිළිතුරු ලබාදිය හැක) වෙනත් ප්‍රතිචාර (අපි X නගරෙට යන්න තීරණය කළා)

(2) සියළුම මූලාශ්‍රයන්ගෙන් එකම ප්‍රමිතිගත ප්‍රශ්න මාලාවක් අහන්න

(3) නිවැරදිව ප්‍රශ්න විමසන්න, සවිස්තරාත්මක තොරතුරු සොයා බලා ඒවා නිවැරදිව සටහන් කරගන්න, නිශ්චිත පිළිතුරු ලබාගැනීමට සංවෘත ප්‍රශ්න ප්‍රයෝජනවත් විය හැකිය, එමෙන්ම ඔබ වඩාත් ප්‍රශංසනීය හා සුපරික්ෂාකාරී ප්‍රතිචාර සොයාබැලීම ද අවශ්‍ය වේ, එමෙන්ම, ඔබේ දත්ත සමුදාය සෑදීමට ද මෙම පිළිතුරු භාවිත කළ හැකිය.