2.3. පරිගණක ආධාරකරගත් වාර්තාකරණය (computer-assisted reporting (CAR))


පරිගණක ආධාරකරගත් වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදියෙකු ප්‍රවෘත්තියක් සඳහා තොරතුරු ඒකරාශී කරගැනීමට හෝ විශ්ලේෂණයට පරිගණකයක් පාදක කරගනියි. විශේෂයෙන්ම, අන්තර්ජාලය මගින් වාර්තාකරුවන්ට ළඟාවිය හැකි තොරතුරු ප්‍රමාණය, ඒවා සංවිධානය කිරීම, සොයාගැනීම හා විශ්ලේෂණය වර්ධනය කරනු ලැබ ඇත. අන්තර්ජාලය හරහා දත්ත සොයාගැනීමේදී සෙවුම් වැඩසටහන් (Search programmes) විප්ලවීය වෙනසක් කර තිබේ. එකවර සෙවුම් වැඩසටහන් හතරක් හෝ පහක් පිරික්සිය හැකි DuckDuckGo හා  ‘meta-crawlers’ මේ අතරින් ප්‍රමුඛය. අනවශ්‍ය ප්‍රතිඵල ඉවත් කිරීමට ප්‍රමාණවත් නිරවද්‍යතාවකින් යුතු ප්‍රධාන වචන (keywords) හා වාක්‍යංශ (phrases) තෝරාගැනීම කාර්යක්ෂම වෙබ් සෙවුම් ක්‍රමවේදයකි. උපරිම ප්‍රතිඵල ලබාගැනීමට සෙවුම් මනාපයන් සැකසීමට ද හැකිය. එක් එක් සෙවුම සඳහා ලැබෙන ප්‍රතිඵල ගණන සීමා කිරීමට DuckDuckGo භාවිත කරන විට නිශ්චිත කාලයක්, කලාපයක්, භාෂා ආදිය මෙන්ම පර්යේෂණ ක්‍රමවේදයක් ද  තෝරාගත හැකිය.

ඔබේ අවධානය පටුකිරීමට ප්‍රධාන වචන (keywords) සැපයීම සරළ උපක්‍රමයකි. නමුත්, ප්‍රධාන වචන පමණක් යෙදීම ප්‍රමාණවත් නොවේ. මෙවැනි සෙවුම් උපක්‍රම ගැන Research Clinic වෙබ් අඩවියෙන් මෙන්ම මේ වීඩියෝවෙන් ද අවබෝධයක් ලබාගත හැකිය.

ඔබ ජෝන් ස්මිත් නම් තැනැත්තෙකු ගැන විස්තර සොයනවා යැයි සිතමු.

ජෝන් හා ස්මිත් යන නම සෙවුම් වැඩසටහනට ඇතුළු කළ විට මේ නම් දෙකම සනිටුහන් වී තිබූ දස දහස් ගණන් ලේඛන දැකගන්නට ලැබේවි. මේ සෙවුම් ප්‍රතිඵල වලින් වැළකීමට ජෝන් ස්මිත් සතු සුවිශේෂී ගුණාංග ගැන අවධානය යොමුකළ යුතුවේ, ඔහු ජීවත්වන නගරය, වෘත්තිය ආදිය මෙහිදී වැදගත්ය. අන්තර්ජාලය හරහා පර්යේෂණයේ යෙදෙන විට සමස්ත තොරතුරු ප්‍රසිද්ධියේ බෙදාගැනීමට අදහසක් තිබේනම් විවෘත කර ඇති ටැබ් ඉවත් නොකර සිටින්න මතක තබාගන්න.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන සෝදිසි කිරීම් ගැන The Intercept හි ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන මාර්ගොට් විලියම්ස් පවසන කරුණු වලට සවන්දෙන්න.

ඔබ යෙදී සිටින කාර්යයට අනුගතව ව්‍යුහගත, සෝදිසි කිරීමට පහසු අන්දමට ඔබේම දත්ත ගබඩාවක් නිර්මාණය කරගැනීම වඩා උචිතය. ඔබ අන්තර්ජාලයෙන් ලබාගත් ලිපිගොනු හෝ සම්මුඛ සාකච්ඡා වලින් ලබාගත් කරුණු, වෙනත් විශේෂ කරුණු සුරක්ෂිත (save) කරන විට නැවත නැවතත් ඒවා බලාගැනීමට හැකි අන්දමට ගබඩා කර තබන්න. ඒ සඳහා ඉහත සඳහන් කළ ව්‍යාපෘති කළමනාකරණ මෙවලම් භාවිත කරන්න.

පරිගණක ආධාරකරගත් වාර්තාකරණයේදී පහත දැක්වෙන ආචාරධර්ම අනුගමනය කරන්න.

  • ! මුල් ලේඛන කියවිය හැකි විස්තරාත්මක මූලාශ්‍ර හෝ වෙබ් අඩවි වල ලින්ක් පළකරන්න, මෙමගින් ඔබ සොයාගත් දත්ත වල විනිවිදභාවය විමසිය හැක.
  • ! ඔබේ දත්ත හොඳින් පරීක්ෂා කර බලන්න. අදාළ තොරතුරු වල සඳහන් දින වකවානු ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.
  • ! ඔබේ පාඨකයින්ට ගණනය කිරීම් කළ නොහැකි නිසා මෙන්ම ඔබ මත විශ්වාසය තබන නිසා සංඛ්‍යාත්මක හා ගණිතමය දත්ත වලින් නිවැරදි නිගමනයන්ට එළඹෙන්න