4.1. නියැඳි හා සංසන්දනාත්මක කණ්ඩායම්


රාශිගත අංක වලින් ඉතා සුළු තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් වේ. මෙහිදී සමස්ත පිරිසෙන් කොටසක් උකහා ගනිමින් ඒ ගැන අර්ථගැන්වීම් සිදුවේ. උදාහරණ ලෙස, ‘වෛද්‍යවරු පස් දෙනෙකුගෙන් හතර දෙනෙකු‘ කුසලතාපූර්ණ වේ, නමුත්, එක්සත් ජනපදයේ වෙසෙන දහස් ගාණක් වන වෛද්‍යවරුන්ගෙන් 20 දෙනෙකු පමණක් ගැන උපකල්පනය කළොත්, වෛද්‍යවරු 16 දෙනෙකු කුසලතාපූර්ණ වූවන් නොවේ. මුළු රට පුරාම සිටින වෛද්‍යවරු සිතන්නේ හෝ හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳ මෙහිදී නිසි නියෝජනයක් සිදුනොවේ.

නියෝජනයක් සම්බන්ධයෙන් වන සමීක්ෂණයක් පැවැත්වීමේදී අනුගමනය කළයුතු තවත් නිර්ණායක තිබේ. වෛද්‍යවරුන් සම්බන්ධයෙන් වන සමීක්ෂණයේදී එය රටපුරා විවිධ නගර වල පැවැත්වූවා ද ?, නැත්නම් විවිධ ජනතා මත සොයාගැනීමට රටපුරා විවිධ රෝහල් වල මෙය පැවැත්වූවාද ? මාධ්‍යවේදීන් විමසිය යුතුවේ. පිළිතුරු ඒකරාශී කිරීමට කුමන ක්‍රමවේද අනුගමනය කළාද ? දුරකථන, ඔන්ලයින්, හෝ සම්මුඛ සාකච්ඡා යොදාගත්තාද ? යන්න විමසිය හැකිය. සෑම වයසකම, ස්ත්‍රී / පුරුෂ පිරිස් මීට දායක කරගත්තාද ? යන්න විමසිය හැකිවේ. මාධ්‍යවේදීන් මෙම සමීක්ෂණයේ වලංගුභාවය ගැන ප්‍රශ්න කිරීමේදී මාතෘකා හා එහි ප්‍රතිඵල අනුව වෙනස් වේ.