4.2. අර්ථකතනය හා ප්‍රස්තාර නිරූපණය


රූප හා ප්‍රස්ථාර මගින් අර්ථකතනය කිරීමේදී සෑමවිටම පසුගිය දෑ ගැන බලන්න. ප්‍රස්ථාර සමග පරිමාණය හා එහි ආරම්භක ලක්ෂ්‍ය ගැන ද අවබෝධයක් ලබාගන්න. පරිමාණය වැඩිකිරීමෙන් හා සංඛ්‍යාලේඛන වෙනස්වීම් වලින් ආරම්භ කිරීමෙන් සුළු වෙනස්වීමක් වුවද මනාව පෙන්වීමට හැකිවේ.

ප්‍රස්ථාර අර්ථ නිරූපණය කරන විට භාග හෝ ප්‍රතිශත ගැන සැලකිලිමත් විය යුතුවේ. සාම්පල හා සංසන්දනාත්මක කණ්ඩායම ගැන කලින් පෙන්වාදුන් තොරතුරු සිහියේ තබාගන්න.

සමහර අවස්ථාවලදී, සංඛ්‍යා කුලක දෙකක් එක හා සමාන රටාවක් අනුගමනය කරයි. කෙසේවුවත්, මේවා අනිවාර්යයෙන්ම එකිනෙකට සම්බන්ධ බව හෝ එහි හේතුව හා ප්‍රතිඵල අතර සම්බන්ධතාවයක් ඇති බව මෙමගින් ඔප්පු නොවේ. දරුවන් වැඩිවියට පත්වන විට ක්‍රමයෙන් විශාල වේ, ඔවුන්ගේ භාෂා කුසලතා දියුණු වේ, මෙය එකම අනුපාතයක් පමණි. නමුත්, ශාරීරික වර්ධනය මගින් භාෂා කුසලතාව දියුණු වන බව මින් අදහස් නොවේ. ප්‍රස්ථාර නැවත වරක් සැලකිල්ලෙන් විමසීම හරහා සම්බන්ධතාවයක් පෙන්නුම් කරන්නේ කෙලෙසින්දැයි තක්සේරු කිරීමට හැක. මේ සම්බන්ධතාව තහවුරු කරන සමාන හෝ සංසන්දනාත්මක තොරතුරු ඇතුළත් වලංගු පර්යේෂණ තිබේද ?, එලෙසම, එක් දෙයකට පසු තවත් දෙයක් සිදුවූ නිසාම පළමු සිදුවීම දෙවැනි කාරණයට සම්බන්ධ බව ස්වයංක්‍රීයව ඔප්පු නොවේ. දත්ත වලට තනිවම කිසිවක් ඔප්පු කළ නොහැක. පර්යේෂණයට අවශ්‍ය වන්නේ සන්දර්භය සලකා බැලීමයි, වෙනත් හේතූන් මඟහැර යාම හා පළමුවැනි සිදුවීමට දෙවැන්න හේතුවන නිශ්චිත යාන්ත්‍රණය හඳුනාගත යුතුවේ.

පුලිට්සර් සම්මාන දිනූ මාධ්‍යවේදියෙකු වන ඩේවිඩ් කේ ජොන්ස්ටන් කියන මේ කතාව සමාගම් වල වාර්තා ගැන උනන්දුවක් දක්වන අයට වැදගත් වේවි:


මේ වනවිට ඔබට තොරතුරු ලබාගත හැකි මූලාශ්‍ර වල නම් ආදිය එක්රැස්කර දත්ත සමුදායක් ගොඩනගා ගන්න. හොඳ පුද්ගල මූලාශ්‍ර හඳුනාගන්නේ කෙසේද හා එම මූලාශ්‍ර දන්නා කරුණු එක්රැස් කරගන්නේ කෙසේද යන්න ගැන මීළඟ පරිච්ඡේදයේදී පැහැදිලි කරනු ඇත.