WHAT'S NEW?
  • Don’t miss the newest edition – The Chinese manual READ MORE
  • New: Case studies on investigative reporting from the Balkans READ MORE
  • Great news for journalists from Nepal: Our Nepali edition is online! READ MORE

ඊළඟ පියවර වන්නේ ඔබේ උපාංගය හා එහි දත්ත කේතනය (encrypt) කිරීමයි. කේතාංකනය යනු පණිවිඩ කේතාංක (encode) බවට හැරවීම හෝ ගොනුව විස්ථාපනය කිරීමට මුරපදයක් තිබේනම්, අවසරලත් පුද්ගලයින්ට පමණක් කියවිය හැකි අන්දමේ තොරතුරු වලට පිවිසීමට ඉඩදීමයි. මෙබැවින්, හැකර්ට පද්ධතිය තුළට පිවිසීම වැළැක්වීමට ශක්තිමත් මුරපදයක් භාවිත කරන්න. කේතාංකනය (encryption) ඔබේ උපාංගය සාමාන්‍ය වේගයට වඩා අඩු වේගයෙන් ක්‍රියාකරන බව මතක තබාගන්න.

කේතනය කිරීම (Hard drive encrypting)

ආගන්තුකයින් නිවසට ඇතුළුවීම වැළැක්වීමට ඔබේ නිවස ඉදිරිපිට විශාල ගේට්ටුවක් ඇතැයි සිතා බලන්න. එය ඇතුළතින් දම්වැල් දමා අගුළු දැමූ විට දොරටුව ආරක්ෂිත වේ. මෙම ගේට්ටුව ඔබේ ද්‍රෘඩ තැටිය (hard drive) මෙනි. ද්‍රෘඩ තැටිය සංකේංතාකනයෙන් ඔබේ පරිගණකයේ තිබෙන ආරක්ෂිත ‘දාම‘ (chains) වලට ඇතුළුවීමට අපහසු වන අතර හැකර්වරුන්ට ඊට පිවිසීම දුෂ්කර වනු ඇත. මෙම දාම ප්‍රමාණවත් තරම් ශක්තිමත් දැයි දැනගැනීමට අද වනවිට අතිසාර්ථක සංකේතාංකන ක්‍රමවේදයක් වන  AES 256 භාවිත කරන්න. ඔබේ ද්‍රෘඩ තැටිය සංකේතාංකනයට නිර්දේශ කරන අනෙක් මෘදුකාංග නිෂ්පාදන වන්නේ VeraCrypt (Windows) හෝ FileVault (Mac) ය.

දත්ත කේතාංකනය (Data encryption)

ඔබේ දත්ත කේතාංකනය කළ පසු එහි දත්ත ස්වයංක්‍රීයවම අගුලු වැටේ. තවදුරටත් සුවිශේෂී ආරක්ෂාවක් වුවමනා නම් පමණක් දත්ත කේතාංකනය කරන්න. ඔබේ මෙවලම් වල ඇති තොරතුරු හෝ එහි තිබෙන ලේඛන කියවීම වැළැක්වේ. දත්ත කේතාංකනයට නිර්දේශිත මෘදුකාංග වන්නේ ‘Bitlocker’ හා ‘VeraCrypt’ (Windows), ‘FileVault’ (Mac), or ‘Crypto Disk’ය. සියලුම ගොනු ‘7-Zip’ (Linux) මගින් ඒකරාශී කළහැක.

කේතනය (Encrypt your phone)

මේ වනවිට පරිගණක භාවිතය හා සමානවම ජංගම දුරකතන භාවිතයට ගන්නා නිසා ඔබේ දුරකතනය හා එහි ලිපිගොනු කේතාංකනය අතිශය වැදගත්ය. iPhone මිලදීගැනීමට පෙරම කේතාංකනය කර ඇති අතර එය සක්‍රීය කිරීමට අවශ්‍ය නැත. කෙසේවුවත්, ඇන්ඩ්‍රොයිඩ් දුරකතන පරිශීලකයින් එය කේතාංකනය කරගත යුතුය. ඇන්ඩ්‍රොයිඩ් වෙළඳපල තුළ විවිධාකාර ප්‍රවණතා ඇති බැවින් මේ හා බැඳි පැහැදිලි කිරීම් සඳහා ඔන්ලයින් මූලාශ්‍ර ගැන සොයාබලන්න.

USB කේතාංකනය හා බැක්අප්ස් (USB encryption and backups)

මාධ්‍යවේදීන් තමන්ට වැදගත් තොරතුරු ගබඩා කර තැබීමට USB උපාංග භාවිත කරන අතර දුරකතන හා පරිගණක මෙන්ම මේ උපාංග ආරක්ෂා කිරීම ද අතිශය වැදගත්ය. මෙම ප්‍රාථමික උපාංග වල ඇති තොරතුරු බැකප් කිරීමට ද USB උපාංගය යොදාගත හැකිය. යම් අවස්ථාවකදී ඔබේ දත්ත මැකී ගියහොත් ඒවා නැවත ලබාගැනීමට විවිධාකාර පිටපත් තබාගැනීම වැදගත් වේ. පිටපත් ගබඩා කර තැබීමට විවිධ මෙවලම් භාවිත කිරීමට වගබලාගන්න, බැකප් තබාගන්න, බැකප් මෙවලම් හෝ ලිපිගොනු කේතාංකනය කරගන්න.