ගවේෂණාත්මක වාර්තාකරණය යනුවෙන් හැඳින්වෙන්නේ වාර්තාකරුවන් එක් කතාවක් ඔස්සේ ගැඹුරට තොරතුරු ගවේෂණය කර දුෂණය ගැන හෙළිදරව් කිරීම, රජයේ ප්‍රතිපත්තීන් හෝ සංස්ථාවන් සමාලෝචනය කිරීම හෝ සමාජයීය, ආර්ථික, දේශපාලනික හෝ සංස්කෘතික ප්‍රවණතාවන් පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමුකිරීමයි.

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු හෝ මාධ්‍යවේදීන් කණ්ඩායමක් එක් මාතෘකාවක් පිළිබඳ මාස ගණනාවක් හෝ වසර ගණනාවක් ගවේෂණයේ යෙදේ. සාම්ප්‍රදායික වාර්තාකරණය මෙන් නොව මෙහිදී රජයෙන් ලබාදෙන වාර්තාවන්, රාජ්‍ය නොවන සංවිධාන (NGO) හා අනෙකුත් නියෝජිත ආයතන මෙන්ම මාධ්‍යවේදීන් විසින්ම සපයාගනු ලබන දත්ත, තොරතුරු මත විශ්වාසය තබයි. මෙවැනි ක්‍රියාදාමයක අරමුණ වන්නේ ඕනෑකමින්ම හෝ අහම්බයෙන් සඟවාලන කරුණු මහජනතාවට වැදගත් වන කරුණු බවට පත්කිරීමයි.

මාධ්‍යවේදීන් මහජනතාවගේ පොදු යහපතට වැදගත් වන ගැටළු හෝ තේමාවන් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ගවේෂණය කිරීම ගවේෂණාත්මක වාර්තාකරණයේදී සිදුවේ. ‘මහජනතාවගේ පොදු යහපත‘  යන කරුණ විමසා බලන විට හඳුනාගත හැකිවන්නේ අදාළ තොරතුරු ජනතාව නොදැන සිටීම ඔවුන්ගේ අවාසියට හේතුවන බවත්, අදාළ තොරතුර දැනගැනීම ජනතාවගේ වාසියට හේතුවන බවත්ය. සමහරවිට, එක් ප්‍රජාවක වාසියට හේතුවන තොරතුරක් තවත් ප්‍රජාවක අවාසියට හේතුවේ.

උදාහරණයක් ලෙස දැව කර්මාන්තයේ නියැලෙන දැව මිලදීගන්නා සමාගම් ඒ වෙනුවෙන් අය කරන වෙළඳපල මිල ගණන් දන්නේ නම් ඉහළ මිල ගණන් වලට සිය දැව අලෙවි කරගැනීමට හැකියාව තිබේ. නමුත්, දැව මිලදීගන්නා සමාගම් වලට මේ සම්බන්ධ තොරතුරු අනාවරණය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති අතර මේ නිසා ගස් වල මිල ගණන් ඉහළ යෑමට ද හැකිය.

සමස්ත රටවැසියන්ටම මේ පුවතේ බලපෑමක් ඇතිනොවන අතර ‘මහජනතාවගේ පොදු යහපත‘ යන්න ‘ජාතික අවශ්‍යතාව ‘ යන්නෙන් වෙනස් වේ. ‘ජාතික අවශ්‍යතාව‘ යන යෙදුම නීති විරෝධී, භයානක, සදාචාර සම්පන්න නොවන ක්‍රියා සාධාරණීකරණය කිරීමට හෝ සුවිශේෂී ප්‍රශ්නයක් ගැන මාධ්‍යවේදීන් වාර්තා කිරීම අධෛර්යමත් කිරීමට රජය විසින් භාවිතා කරයි.

ගවේෂණාත්මක වාර්තාකරණය ක්ෂණිකව සිදුවන දෙයක් නොවේ. සැලසුම් කිරීම, පර්යේෂණ කිරීම හා වාර්තාකරණය මෙන්ම නිරවද්‍යභාවය හා සාක්ෂි සහිත පිළිගත් ප්‍රමිතීන් මෙහිදී අනුගමනය කළයුතුවේ.  ගවේෂණාත්මක පුවතක පදනම වන්නේ මාධ්‍යවේදියෙකුගේ ක්‍රියාකාරීත්වය හා ඔහුගේ / ඇයගේ කණ්ඩායම අනුදන්නා මූලාශ්‍රයි. ගවේෂණයකට සුදුසු සිද්ධියක් ගැන ඉඟියක් ලැබුණු විට මාධ්‍යවේදීන් උපකල්පන ගොඩනගන අතර අතිරේක පර්යේෂණ ගැන සැලසුම් කිරීම, අදාළ ප්‍රශ්න පිළිබඳ තීරණය කිරීම හා ඒ ගැන වැඩිදුර ගවේෂණය කිරීමට පෙළඹේ.

මාධ්‍යවේදීන් තමන්ට ලැබුණු ඉඟිය සැබෑදැයි පරීක්ෂාකර බලා ඉන් එපිටට ගොස් තමන් වෙනුවෙන් පිළිතුරු සැපයීම හා ඒවා විශ්ලේෂණය කිරීමෙන් සාක්ෂි සෙවිය යුතුවේ. අවසන් ගවේෂණාත්මක පුවතේදී නව තොරතුරු අනාවරණය කිරීම, කලින් පැවති තොරතුරු පිළිවෙලකට සකස් කරමින් එහි වැදගත්කම නව මුහුණුවරකින් හෙළිකිරීමට නව ක්‍රමයක් සකස් කළයුතුවේ.

එක් මූලාශ්‍රයකින් විස්මයජනක හෙළිදරව් කිරීම් කළහැකි අතර සැගවී පැවතීමට ඉඩ තිබූ තොරතුරු හා සියුම් කරුණු වලට පිවිසිය හැකිවේ. නමුත්, එක් මූලාශ්‍රයකින් මෙලෙස ලැබෙන තොරතුරු – අනෙකුත් මූලාශ්‍ර සමග හරස් අවේක්ෂණය (cross check) කරන තෙක් – සම්පරීක්ෂණය, වාර්තාව හා මානුෂීය මුහුණුවරින් මෙහි අරුත් ගවේෂණය කිරීම හුදෙක් ගවේෂණයක් ලෙස දැක්විය නොහැක.

ගවේෂණාත්මක වාර්තාකරණයේදී සුවිශේෂී සම්පත්, කණ්ඩායම් ක්‍රියාකාරකම් මෙන්ම සාමාන්‍ය පුවත් වාර්තාවකට වඩා කාලය වැයකිරීමට සිදුවේ. බොහෝ ගවේෂණාත්මක පුවත් කණ්ඩායම් ගවේෂණයක ප්‍රතිඵලයන්ය. නමුත්, කුඩා පරිමාණයේ, දේශීය හා ප්‍රජා ප්‍රකාශන ආයතන වලට මෙවැන්නක් සිදුකිරීමේදී සීමිත මුදල් හා සේවකයින්ගේ හිඟකම නිසා ගැටළු වලට මුහුණදීමට සිදුවන අතර මේ සඳහා විශේෂඥ කුසලතා ද අවශ්‍ය වේ. ගවේෂණාත්මක වාර්තාකරණයට අරමුදල් සපයාගැනීම ගැන මාධ්‍යවේදීන් සොයා බැලිය යුතු අතර පුවත් මැදිරියෙන්  පිටත සිටින විශේෂඥයින්ගේ සහය හා කුසලතා මීට දායක කරගත යුතුය.


Global Investigative Journalism Network (GIJN) හි විධායක අධ්‍යක්ෂ, ඩේවිඩ් කැපලන් මේ වීඩියෝවෙන් පැහැදිලි කර සිටින්නේ ගවේෂණාත්මක වාර්තාකරණය ගැනයි

Recommendation
Recommendation

Recommendation