රහස් පරීක්ෂකයෙකු සතු විය යුතු දක්ෂතා ගැන විමසුවොත් මේ ප්‍රශ්නයට ලැබෙන පිළිතුරු ‘ඔව්‘ යන්නයි. මාධ්‍යවේදියෝ ද රහස් පරීක්ෂකයින් වේ. සෑම ගවේෂණාත්මක කතාවක්ම ප්‍රශ්නයකින් ආරම්භ වේ. මාධ්‍යවේදීන් මේ ප්‍රශ්නය ගැන පර්යේෂණයේ යෙදෙන්නේ එහි පිළිතුර සහ සමාජ අර්ථය ගැන කල්පිතයක් සකස් කිරීමටයි. මාධ්‍යවේදීන් තව තවත් කරුණු ගවේෂණයේ යෙදෙන අතර එහිදී වාර්තා – සටහන් ආදිය ඔස්සේ පුවත හඹා යෑම, දිගින් දිගටම ප්‍රශ්න කිරීම් මුල්කරගත් සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, සාක්ෂි සමූහයක් එකට එකතු කිරීම සිදුකරයි, සමහර කරුණු දැඩි විස්තරාත්මක හෝ තාක්ෂණික වනු ඇත.

මාධ්‍යවේදීන් පිළිගත් ප්‍රමිතීන් (උසාවියක භාවිත කළ අය සම්බන්ධ) වලංගු සාක්ෂි ලෙස සලකනු ලබන අතර නිශ්චිත සාක්ෂි ඉදිරිපත් කරන්නේ ද යන වග ද මෙහිදී වැදගත් වේ. දේවාපහාසය වැනි අපහාස කිරීමේ නීති පවතින බැවින් මාධ්‍යවේදීන්ගේ ගවේෂණය හා සත්‍ය පිරික්සීමේ ප්‍රමිතිය අපරාධ පරීක්ෂකවරයෙකුගේ නඩු විභාගයකදී වෙනසක් නොවිය යුතුය.

සමහර අවස්ථාවලදී සත්‍ය වශයෙන්ම ප්‍රශ්න කළයුත්තේ, ‘ගවේෂණාත්මක මාධ්‍යවේදීන්, රහස් පරීක්ෂකයින් ලෙස හැසිරීම උචිතද ? සාක්ෂි එක්රැස්කරගැනීමට රහසිගතව සඟවන මයික්‍රෆෝන් හා කැමරා යොදාගැනීම ආදිය උචිත ද ? යන්නයි. මීට ලබාදිය යුතු පිළිතුර අතිශය සංකීර්ණය. අතිවිශිෂ්ට ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පවා මෙවැනි තාක්ෂණික උපක්‍රම භාවිත කරයි.

නමුත්, මෙහිදී සිහිතබාගත යුතු කරුණක් වන්නේ, රහස් පරීක්ෂකයින් හොර රහසේ සිදුකරන ක්‍රියාවන් වල විෂය පථය, පුරවැසියන් සතු අයිතිය සම්බන්ධයෙන් පොලීසිය විසින් ගවේෂණය කරන බවත් සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රියාවන් නීතිමය රාමුවක් මගින් පාලනය කරන බවත්ය.

මාධ්‍යවේදීන් තමන්ගේම ආචාර ධර්ම මත රඳා පවතින අතර පුද්ගලිකත්ව නීති වලින් නිදහස් නොවේ. එබැවින්, සදාචාරාත්මක ජනමාධ්‍යවේදය සුරක්ෂිත කිරීම හා නීතිමය පියවර ගැනීම වැළැක්වීම සඳහා ගවේෂණාත්මක මාධ්‍යවේදීන් මේ ආකාරයෙන් කටයුතු කිරීමට පෙර සෑම තත්ත්වයක් ගැනම සුපරික්ෂාකාරී විය යුතුවේ.

සැගවූ කැමරාවන් හා සැගවුණු මයික්‍රෆෝන වලින් ලැබෙන දත්ත නිසි ලෙස පිළියෙල නොකළ ඒවා නිසා ඒවා සෘජුවම විශ්ලේෂණයට දායක කර නොගනී, මේ හරහා ලැබෙන සාක්ෂි පරීක්ෂා කර බැලීමෙන් හා ඒවායේ අන්තර්ගත වී ඇත්තේ කුමක්දැයි විමසීමෙන් අර්ථාන්විත කතාවක් පිළියෙල කරගත හැකිය. මහජනයාට පිවිසිය හැකි සීමාවේ තිබෙන ලිපි ලේඛන ආදියේද බොහෝ සාක්ෂි පවතින අතර නිශ්චිතවම තමන් සෙවිය යුත්තේ කොතැනක පවතින කුමන ලිපිගොනු දැයි දැන සිටීමෙන් මේ කාර්යය වඩාත් පහසුවෙන් සිදුකරගත හැකිවේ.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන් හා රහස් පරීක්ෂකවරුන් බොහෝ විට එක හා සමාන කාර්යයක නියැලුණ ද මේ දෙපිරිස එකිනෙකට වෙනස් කාර්යයන් වල ද නියැලේ. සමහරවිට මාධ්‍යවේදීන් දියත් කරන ගවේෂණයේ අරමුණ වන්නේ වැරදිකරුවා කවුද යන්න ඔප්පු කිරීම නොව එහි සාක්ෂිකරුවන් කවුරුන්දැයි පෙන්වා දීමයි. අදාළ අපරාධය සිදුකළේ කවුදැයි ඔප්පු කළ හැකි අවස්ථාව එළඹෙන විට රහස් පරීක්ෂකයින් සිය කාර්යය නවතා දමයි. නමුත්, පිළිතුරු සොයාගැනීමෙන් පමණක් සෑහීමට පත්නොවෙන ගවේෂණාත්මක වාර්තාකරණය ඉන් ඔබ්බට ද ගමන් කරයි. ගවේෂණාත්මක වාර්තාකරණයේදී නිවැරදි කරුණු ඒකරාශී කිරීම හා කරුණු නිවැරදි දැයි විමසා බැලීම සිදුවේ. මෙමගින් කතාවේ අරුත් පසිඳීම, සිද්ධි සිදුවූ රටාව පෙන්වාදීම, ක්‍රියාවන් හෝ සාක්ෂි වල රටාවක් ඇත්නම් ඒවා පෙන්වාදීම සිදුවේ.

මේ හේතුවෙන් වරදකරු දෙසට ඇගිල්ල දික්කරනවා වෙනුවට  ගවේෂණාත්මක වාර්තාකරණය මගින් ගැටළුව හා සංතෘප්ත කරුණු පැහැදිලි කරදේ. සිදුවීම ගැන ගැඹුරින් සොයා බලන නිසා ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික අදහස් මීට එක්වීම අඩුවේ.

සිදුවීමේ දෙපැත්තම දෙස බලා තොරතුරු හිතාමතාම සමබර කර අනාවරණය නොකරන නිසා ගවේෂණාත්මක වාර්තාකරණය ‘සාහසික මාධ්‍යවේදය‘ ලෙස හඳුන්වයි. ඒ වෙනුවට මෙහිදී සුවිශේෂී අවධානයක් යොමුකරන්නේ ඉදිරිපත් කරන කතාව කෙරෙහිය.

‘අපි ඉදිරිපත් කරන තොරතුරු වැරදි වෙන්නත් පුළුවන්‘, ‘අපි සමහරවිට වැරදි අර්ථකතන ඉදිරිපත් කරන්නත් පුළුවන්‘ වැනි වක්‍රෝක්ති ගවේෂණාත්මක වාර්තාකරණයේදී නොතිබිය යුතුවේ. ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳ මෙවැනි සැකයක් තවදුරටත් පවතී නම් අදාළ ගවේෂණය ගැඹුරින් සිදුවී නැති අතර පුවත පළකිරීමට සුදුසු තත්ත්වයක ද නොපවතියි. ඕනෑම පුවතක කිසිදින දෙපැත්තක් පමණක් නොපවතී. ගවේෂණාත්මක පුවතක් සමබරව ඉදිරිපත් කිරීමේදී සිදුවුණේ කුමක්ද ?  ඒ ඇයි ? ආදිය පැහැදිලි කරයි.

රහස් පරීක්ෂකයෙකු නීතිඥවරයෙකු ඉදිරියේ පුද්ගල ආරක්ෂාව ගැන නිදහසට කරුණු කියාපාන්නට විස්තර කථනයක් පමණක් ශේෂ කර තබා යන අතර  ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු  සම්පූර්ණ සන්දර්භයම පැහැදිලි කරයි. අනෙක් අතින් බැලූ විට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු – විද්‍යාඥයෙකු ලෙස ද ක්‍රියා කරයි.

ගවේෂණාත්මක මාධ්‍යවේදියා කතාවකට ඉවහල් වන සාක්ෂි ඒකරාශී කරගන්නා තෙක් සිදුවන සෑම දෙයක් ගැනම අවධානයෙන් සිටියි. මෙහි අරුත වන්නේ පරස්පර විරෝධී සාක්ෂි නොසලකා හැරීම නොවන අතර සාක්ෂි වෙනත් දිශාවකට යොමුවන විට නිගමනය ද ඒ අනුව වෙනස් කිරීමට අනුගතව සිටීමයි. උපකල්පන වලට එළඹෙමින් ඒවා සත්‍ය, අසත්‍යදැයි විමසා බලන විද්‍යාත්මක ක්‍රමය හා සමානව මාධ්‍යවේදීන් ද කටයුතු කළ යුතුවේ.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන් කළමණාකරුවන් ද වේ. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සිය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් ද සමග එක්වී දිගුකාලීනව ගැඹුරු ගවේෂණ වල නියැලීම, විද්වතුන් සමග එක්වී ගවේෂණ සැලසුමට අනුව වැඩකිරීම කළයුතුවේ. මේ හේතුව නිසා සෑම ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකුටම සුපැහැදිලි සන්නිවේදනය හා කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ නිපුණත්වයක් තිබිය යුතුය.

Recommendation
Recommendation

Recommendation