ගවේෂණාත්මක වාර්තාකරණය කාලය ගතවන, මිල අධික හා අවදානම් සහගත කාර්යයකි. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් නිතර නිතර සිය සංස්කාරකවරුන්ට ඒත්තුගැන්විය යුත්තේ එදිනෙදා සිදුවීම් ඇසුරින් සර්වසම්පූර්ණ පුවත්පතක් නිර්මාණය කළ හැකි බවයි.

ගවේෂණාත්මක පුවත්පත් කලාව ප්‍රයෝජනවත් වන්නේ ඇයි ? ඒ සම්බන්ධයෙන් ඇති ප්‍රතිවිරෝධතා කවරේද ?

සංක්‍රාන්තික රටවල සිටින පුවත්පත් හිමිකරුවන්ගේ විශ්වාසය වී තිබෙන්නේ ගවේෂණාත්මක වාර්තාකරණය ‘බටහිර‘ සංස්කෘතියේ නිෂ්පාදනයක් බවත්  මෙය සංවර්ධනය වෙමින් පවතින රටවලට යෝග්‍ය නොවන බවයි. නමුත්, හැමවිටම මේ සඳහා දැවැන්ත කාලයක් මෙන්ම මුදල් ද වැය නොවේ. සුවිශේෂී ධෛර්යයකින් හා කැපවීමෙන් යුතුව කටයුතු කළ මාධ්‍යවේදීන් දැඩි සෝදිසියෙන් යුතුව වාර්තාකරණයේ නියැලුණු අවස්ථාවන්ට උදාහරණ තිබේ.

එක්සත් ජනපදයේ Centre for Investigative Journalism හි අධ්‍යක්ෂ වන ගෙවින් මැක්ෆේඩන්ගේ අදහස වන්නේ,

‘‘බරපතල අන්දමේ ගවේෂණ වාර්තා වනවිට මිනිස්සු ඒගැන කතාබහ කරන්නට පටන්ගනී. බොහෝ දෙනෙකු මේ සිදුවීම් ගැන කටින් කට පැතිරෙන විට දැනුවත් වේ. අලෙවිය මෙන්ම මාධ්‍ය පරිශීලනය කරන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවද වැඩිවන අතර අතිශය වැදගත් වන්නේ අදාළ මාධ්‍ය සමග නිරන්තරයෙන් බැඳී සිටින පිරිසක් බිහිවීමයි.

පුවත් මිනිසුන්ට ප්‍රබලව දැනෙන විට ඔවුන් ඒ ගැන කතාකරන්නට යොමුවෙන අතර අදාළ මාධ්‍ය ආයතන සමග නිරතුරුව බැඳී සිටියි. ලොව බොහෝ රටවල් දෙස බැලූ විට මෙය සත්‍යයක් වන අතර එය මාධ්‍ය සංස්කෘතියට ද බලපායි. සංස්කාරකවරුන් මෙන්ම නිෂ්පාදකයින් ද යුහුසුළුව කාර්යයේ නිරත වීමට ද යොමුවන අතර ප්‍රේක්ෂකයින්ව පොළඹවාලන ලෙස මාධ්‍ය භාවිත කරන්නේ  කෙසේද යන්න ඔවුන් වටහා ගනී‘‘

ගවේෂණාත්මක වාර්තාකරණය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ද රුකුලක් වේ. බලධාරීන් විසින් ගවේෂණය කරන ලද තොරතුරු ඉක්මවා නොගිය දෑ ගැන වැඩිදුර සොයා බැලීම අදාළ බලධාරීන් සිය බලය භාවිත කිරීමේ න්‍යාය පත්‍රයට ඉඩදීමකි. ඉහළ මට්ටමේ සිටින බලධාරීන්ගේ සිට පහළ මට්ටමින් සිටින සාමාන්‍ය ජනතාව දායක කරගනිමින් මෙවැනි පුවත් ගොඩනැගේ.

මාධ්‍ය මගින් සෘජු ප්‍රශ්න යොමුනොකරන විට හෝ එකිනෙක මත ගැටෙන තොරතුරු විශ්ලේෂණය නොකර කටයුතු කරන විට රජයක ප්‍රජාතන්ත්‍රවාදී මූලිකාංග මෙන්ම ජන සහභාගීත්වය, වගවීම හා විනිවිදභාවය ද බිඳවැටේ. ගවේෂණාත්මක වාර්තාකරණය ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවය උදෙසා පැවතිය යුතු නිවැරදිම කාර්යයයි.

Recommendation
Recommendation

Recommendation