WHAT'S NEW?
  • Don’t miss the newest edition – The Chinese manual READ MORE
  • New: Case studies on investigative reporting from the Balkans READ MORE
  • Great news for journalists from Nepal: Our Nepali edition is online! READ MORE

ඔබ පුවත ගැන දැඩිව ගවේෂණය කිරීමෙන් අනතුරුව හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන තොරතුරු වලින් බලපෑමක් සිදුවෙනු ඇතැයි සිතන විට ඔබෙන්ම විමසිය යුතු ප්‍රශ්න කීපයක් තිබේ. ‘ඇත්තටම, මට කියන්න තරම් ගවේෂණාත්මක පුවතක් තියෙනවද ?‘, ගවේෂණාත්මක පුවත වර්ධනය හා රචනා කර ඇති ආකාරය මත මෙම ප්‍රශ්නය පැන නැඟේ. අතිවිශිෂ්ට, මතභේදාත්මක ගවේෂණාත්මක පුවතක් රචනා කිරීමට මේ ආකාරයෙන් ප්‍රශ්න විමසීම අතිශය වැදගත් වේ.

පාඨකයින් කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකරවන ගවේෂණාත්මක පුවතක් රචනා කිරීමේදී ඔබේ වාර්තාකරණයේ පදනම ගැන සිතා බලා වඩාත් ප්‍රබල පිංතූර පළකළ යුතුවේ.

ජ්‍යෙෂ්ඨ ඇමරිකානු මාධ්‍යවේදියෙකු වන ස්ටීවන් ෆ්‍රෑන්ක්ලින් පාඨක අවධානය යොමුකරගැනීමට යෝජනා කර සිටින කරුණු වන්නේ, ‘ගවේෂණාත්මක පුවත ප්‍රබලව ඉදිරිපත් කිරීමට හැකි ශීර්ෂයක් යෙදීමයි. මෙහිදී වඩාත් මූලික තොරතුරු සැපයීම වඩා වැදගත්ය. පුවත ගැන වැඩි විස්තර ඉදිරියේදී අනාවරණය කරනු ඇත.‘ ඔබ සොයාගත් දේවල් අවංකව ලියා තැබීම අත්‍යවශ්‍ය වේ. ඔබේ පුවත සමග නොගැළපෙන සිද්ධි නිර්මාණය කිරීමට හෝ මේ සිද්ධිය අතිශය සංවේදී කිරීමට උත්සහ නොගන්න. ඔබේ පාඨක අවධානය දිනාගැනීම අත්‍යවශ්‍ය වන අතර අසත්‍ය ලෙස පෙනෙන කතා විලාසයකින් පුවත ආරම්භ කිරීම ඔබේ වෑයම අපතේ යැවීමක් ද වේ.

ඔබ සතු සියලු තොරතුරු ඉදිරිපත් කළ පසු සියලු අනාවරණයන් සාරාංශ කර එම කරුණු කාරණා සනාථ කරමින් පුවත අවසන් කරන්න. පරිපූර්ණ ගවේෂණාත්මක පුවතකදී සැබෑ සාක්ෂි පැවතිය යුතුවේ, (උදාහරණ ලෙස ‘දුම් පිටවෙන තුවක්කුවක්‘වැනි) තවත් අන්දමකින් පැවසුවහොත් වැරදිකරුවන් හැබෑවටම ඔබ චෝදනා කරන ගැටළු වලට හේතුවී තිබෙනවා යන්නයි.

නමුත්, ලේඛකයින්ගේ හඬ පෙනෙන්නට නැති නිසා යමක් සිදුවූ බව ඒත්තුගන්වමින් ලියැවී තිබෙන ගවේෂණාත්මක පුවත් වල කිසිදු අර්ථයක් නැති අතර මීට හේතු වන්නේ ඔවුන් පෙන්වා දෙන සාක්ෂි හෝ ඔවුන් ඒ සාක්ෂි එකිනෙකට සම්බන්ධ කරන්නේ කෙසේද යන්න ගැන නිශ්චිත අර්ථයක් නොවීමයි. මීටත් වඩා අතිශය දරුණු වන්නේ වඩාත් දුර්වල අන්දමින් සැලසුම් කර ඇති සමහර ඇඟවුම් අපහාසාත්මක ඒවා වීමට පවතින ඉඩප්‍රස්ථාවයි.