සංකල්ප රූප හා නාට්‍යානුසාරී අවස්ථාවන් සොයාගැනීමට නම් ඔබ ප්‍රථමයෙන් වෘත්තාන්තමය ප්‍රවේශයකින් යුතුව ද්‍රෘෂමය ලෙස සිතීමට අවශ්‍ය වේ. පිටු සැකසුම හා රූප සැකසුම ඔබේ වගකීමක් නොවූවද ගවේෂණාත්මක පුවතේ අවසන් විස්තරයට අවශ්‍ය වන පින්තූර හා රූප සටහන් ගැන සිතා බලන්න.

ඔබ රචනා කරන ගවේෂණාත්මක පුවතේ සැබෑ ‘ශීර්ෂය‘ උප සංස්කාරකවරුන් විසින් යෙදුවද ඊට පෙර ඔබේම ශීර්ෂයක් යෙදීම ආදී ක්‍රියාකාරකම් මගින් පුවතේ තේමාව ගැන අවධානය යොමුකිරීමට හා ඔබේ පුවතට එය අනුකූල වන බව තහවුරු කරගැනීමට හැකිවේ. යම් කරුණු කීපයක් පිළිබඳ ප්‍රස්තාරයක්/දර්ශකයක්/රූප සටහනක් පුවතට ඇතුළු කිරීමට සැලසුම් කරන්නේ නම් ඒ කරුණු නැවත පුවත තුළ සටහන් වීම වැළකෙන අතර එකම කරුණු පුනරුච්චාරණය වීම ද වැළකේ.

කෙසේවුවත්, ද්‍රෘෂ්‍ය මාධ්‍යට සරිලන සේ සිතීම ගවේෂණාත්මක පුවතේ අවසන් සටහනට ද උපකාරී වනු ඇත.

  • සිතියම්, ප්‍රස්තාර, රූප සටහන් හෝ ඡායාරූප ආදිය අවශ්‍ය වේ නම් ඒ බව කල්තියා සැලසුම් කරගත හැකි නිසා ගවේෂණාත්මක පුවත ප්‍රේක්ෂකයින් වෙත ඉදිරිපත් කිරීමට උපකාරී වේ
  • පිටු සැකසුම් අංශය හා පුවත්පත තුළ පුවත් පෙළගස්වන අය හට මෙමගින් තල්ලුවක් ලබාදෙන නිසා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ද ද්‍රෘෂ්‍ය මාධ්‍යට සරිලන ලෙස සිතීමටද උපකාරී වේ
  • සහෝදර ඡායාරූප ශිල්පීන් සමග කටයුතු කිරීමේදී ගවේෂණාත්මක පුවතට වඩාත්ම ගැළපෙන ඡායාරූප මොනවාද යන්න ගැන ඔවුන්ගෙන් විමසන්න. මොවුන්ගේ විශේෂඥ දැනුම ද ලබාගැනීම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේදී දිරිදෙනු ඇත
  • ද්‍රෘෂ්‍ය මාධ්‍යට සරිලන සේ සිතීමේදී ඔබේ සිතේ තිබෙන රූප පෙළගස්වා පුවත ‘වචන වලින් පින්තාරු කිරීමට‘උපකාරී වනු ඇත. උදාහරණ ලෙස ගවේෂණාත්මක පුවතේ ආරම්භය නාට්‍යානුසාරී ලෙස පෙළගැස්වීම
  • පාඨකයින් සමග වඩාත් හොඳින් සන්නිවේදනයේ යෙදීමට ද මෙය මහෝපකාරී වනු ඇත. හුදු ලියවිල්ලකට වඩා ඡායාරූපයක් හෝ ප්‍රස්තාරයකින් ලබාදෙන පණිවිඩ සැණෙකින් අපට වටහාගන්නට හැකිවේ. ‘වචන දහස් ගාණකින් සොයාගත නොහැකි දේ එක් පිංතූරයකින් පැවසිය හැකිය‘ යනුවෙන් වූ පිරුළක් ද ඇති අතර මෙය සත්‍යයකි.