සම්පූර්ණ සිද්ධි මාලාව නොව සුවිශේෂී කරුණු පැවසීමට හා තොරතුරු දැක්වීමට පමණක් පුද්ගල ප්‍රකාශ උපුටා දක්වන්න, එකම කරුණු නැවත නැවත නොකියන්න. මූලික තොරතුරු ගැන පැවසීමට ප්‍රකාශ භාවිත නොකරන්න. මූලාශ්‍රයන් සමග ඔබ පැවැත්වූ සාකච්ඡාවන් පෙන්වීමට මෙම උද්ද්‍රෘත යොදාගත හැකි වුවත් මෙය මූලාශ්‍රය ප්‍රකාශ කළ දේවල් ගැන ඔබ කරන විශ්ලේෂණයට ආදේශකයක් නොවන බව සිහියේ තබාගන්න. විශේෂයෙන්ම,  පුද්ගලයින් ඔබ සමග දැක්වූ අදහස් එලෙසින්ම ගවේෂණාත්මක පුවතකදී වාර්තා කිරීම අතිශය වැදගත් වේ.

පුද්ගල ප්‍රකාශ යොදාගත නොහැකි අවස්ථාවන්

  • යමෙකු ප්‍රකාශ කරන ලද දෙයක් තේරුම්ගැනීමට අපහසු වූ විට, සමච්චලයට ලක්කරන කරුණු පැවසූ විට හෝ පුවතට කිසිම ‘අරුතක්‘ දායක නොකරන විට
  • පරුෂ වචන හෝ අශ්ශීල වචන පවසා ඇති විටකදී (මෙවැනි පළකිරීම් වලට ඔබේ ප්‍රකාශන ආයතනය ඉඩ නොදෙන විට)
  • ‘බලන්න, ඔයා දන්නවානේ, මං හිතන්නේ‘ වැනි වාක්‍යංශ පවසා ඇතිවිටකදී හා මෙවැනි ප්‍රකාශයකින් කිසිදු අරුතක් දායක නොකරන විට

ඔබ පුද්ගල ප්‍රකාශ තෝරාගැනීමේදී ඒවා නිසි පරිදි හඳුනාගෙන ඔවුන් ගැන හැඳින්වීමක් යොදා එය පුවතට එක්කිරීමට මතක තබාගන්න.

  • පුද්ගල ප්‍රකාශයක් උපුටා දැක්වීමට කලින් පවතින වාක්‍ය පේළියෙන් මීළඟට සටහන් වී තිබෙන්නේ කුමක්දැයි යන්න ගැන පාඨකයාට අදහසක් ලබාදිය යුතුවේ.
  • > උපුටා දැක්වීමේදී යොදන හඳුන්වාදීමේදී ද එකම පණිවිඩයක් ඉදිරිපත් විය යුතුය.
  • > උපුටා දැක්වීම් මගින් ගවේෂණාත්මක පුවතට වටිනාකමක් හිමිකරදෙයි. මූලාශ්‍රයක් ප්‍රකාශ කළ කිසිදු අර්ථයක් එක්නොකරන ප්‍රකාශ හෝ පුනරුච්චාරණය ගෙනදෙන වාක්‍ය භාවිත නොකරන්න.
  • > ගවේෂණාත්මක පුවතේදී පුද්ගලයෙකු ගැන විස්තර කිරීමට ඔහු / ඇය වැනි වදන් යොදාගන්න. ‘තහවුරු කර ඇත, පවසනවා, තර්ක කරනවා‘ වැනි වදන් වලින් අනවශ්‍ය ඔත්තුවක් පාඨකයාට ලබාදේ. ‘නිශ්ප්‍රභ කළා, ඔප්පු කළා‘ වැනි වදන් ද පාඨකයින් වරදවා වටහාගනු ඇත. ඔබ මෙවැන්නක් නිවැරදි බව විශ්වාස කරන විට පමණක් අරුත් දැනවීමට වාක්‍යාංශ යොදාගත හැක.
  • > යම් වාක්‍යයක අර්ථය පවසන විට එය අනවශ්‍ය කතාවක් ලෙස හුවාදැක්වීමට උත්සහ නොදරන්න. මුල් මූලාශ්‍රයේ අර්ථය හා රිද්මය එලෙසින්ම තබාගැනීමට උත්සහ ගන්න. ‘අපිට අයවැයක් නැහැ‘ යනුවෙන් නිළ ප්‍රකාශකයකු / නිල අල්ලන්නෙකු පවසයි නම් එය සරළව පැවසීමට උත්සහ නොගන්න. ‘ඇගේ සමාගම මේ වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සූදානම් නැති බව ඈ කිව්වා‘ වැනි වාක්‍යයකදී අදාළ තැනැත්තාගේ ආකල්පය මිසක් මූල්‍ය තත්ත්වය ගැන අදහසක් ගෙන නොදේ.