8 පරිච්ඡේදය ගවේෂණාත්මක පුවත රචනා කිරීම

8 පරිච්ඡේදය ගවේෂණාත්මක පුවත රචනා කිරීම

විශිෂ්ඨ ගවේෂණයක් පදනම් කරගෙන ලියැවුණු පුවතක් මනා සංවිධානාත්මක බවින් යුතුව ලියැවී නැත්නම් එය නීරස වනු ඇත. මෙවැනි ගවේෂණාත්මක පුවතක් පාඨකයාට විශ්වසනීය අන්දමින් ලියැවී තිබිය යුතු අතර එහි තිබෙන තොරතුරු ද යාවත්කාලීන විය යුතුවේ. ප්‍රමුඛ පෙළේ තැනැත්තන් මෙන්ම සිද්ධියට අදාළ පුද්ගලයින් දක්වන අදහස් යොදාගැනීමෙන් ද ඔබේ ගවේෂණාත්මක පුවතට ජීවයක් එක්වෙනු ඇත. ඔබේ ගවේෂණයේ වඩාත් සංකීර්ණ අංග පාඨකයින්ට තේරුම්ගැනීමට ප්‍රස්තාර හා රූප සටහන් ආදිය භාවිත කිරීම ද ප්‍රයෝජනවත් වනු ඇත.