2.1.2. තර්ජන හා බිය ගැන්වීම් සම්බන්ධයෙන් කටයුතු කළයුතු අන්දම


ඔබ ගවේෂණාත්මක පුවතකදී බලවත් හා භයානක ‘අපරාධකාරයෙකු‘ ගෙන් තොරතුරු විමසා සිටින අවස්ථාවකදී, පෞද්ගලික ගැටුමක් ඇතිකරගැනීම වැළැක්වීමට ඔහු / ඇගේ කාර්යාලයට ප්‍රශ්න යොමුකරන්න. ඔවුන්ගේ බල ප්‍රදේශයට ඇතුළු නොවී සිටීමට මෙන්ම ඔබේ මුහුණ අනවශ්‍ය ලෙස ඔවුන්ට හුරුපුරුදු මුහුණක් බවට පත්නොකිරීමට වගබලා ගන්න.  මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් සාමාන්‍යයෙන් නොකළ යුතු වුවත් එවැනි ආරක්ෂිත පියවරක් අනුගමනය කිරීමෙන් මේ ගවේෂණාත්මක පුවත රචනා කිරීමට ඔබ ජීවත්ව සිටිනු ඇත.

එවැනි ගවේෂණාත්මක පුවත් රචනා කිරීමට පෙරාතුව ඔබේ ප්‍රකාශන ආයතනය හෝ ආයතනය මගින් ලබාදිය හැකි ආරක්ෂාව කුමක්දැයි යන්න ගැන සොයාබලන්න. ඔබ නිදහස් මාධ්‍යවේදියෙකු නම් ඔබේ සුරක්ෂිතතාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට වගබලාගන්න. ප්‍රබල පුද්ගලයෙකු හේ ආයතනයකින් බරපතල ගැටළුවකට ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටීම නීතිමය මෙන්ම භෞතිකමය තර්ජන වලට මගපෑදිය හැකි කරුණකි. මේ ගවේෂණාත්මක පුවත පළනොකරන ලෙස ඔබේ කර්තෘවරයාට නීතිමය තර්ජන එල්ල කරන අතර ඔහු / ඇය එය එලෙසින්ම සිදුකිරීමට ද ඉඩ ඇත. නමුත්, ඔබ ඉදිරිපත් කරන කරුණු නිවැරදි නම් මෙම පුද්ගලයින් පවසන ලෙස පුද්ගල අපහාසයක් සිදුනොවන බව ඔබේ කර්තෘවරයාට ඒත්තුගැන්වීමට උත්සහ කරන්න. පළමුවෙන්ම, ඔවුන්ට දැනටමත් අපකීර්තිය ලැබෙන අතර (ආයුධ වෙළඳාමේ යෙදෙන සමාගම් වලට මෙය අදාළ වේ), දෙවැන්න, ඔවුන් සියළුම සාක්ෂි සැගවීමට උත්සහ දරන පසුබිමක පුවත නැවත මුද්‍රණය කිරීමේ වරප්‍රසාදය ඔබ සතු තත්ත්වයක් තුළ උසාවියේ නඩුවක් ගොනුකළ හැක.

ඕනෑම අන්දමක තර්ජන ගර්ජන වලට මුහුණදීමට සිදුවේනම් මේ සංවිධාන වල සහය පතන්න. Committee to Protect Journalists හෝ  Reporters Without Borders. එමෙන්ම අනාරක්ෂිත තත්ත්වයට මුහුණදෙන මාධ්‍යවේදීන්ට සහය පළකරන Global Investigative Journalism Network (GIJN) වෙතින් ද උපකාර ඉල්ලා සිටිය හැකිය.


තෝරාගත් මූලාශ්‍ර ඇගයීමට ලක්කළ පසු ඒ ඒ මූලාශ්‍ර වලින් එල්ල විය හැකි තර්ජන ගැන සැලකිල්ලට ගත් පසු එළඹෙන්නේ සම්මුඛ පරීක්ෂණය හැබෑවටම පැවැත්වීමට සුදුසු කාලයයි. මීළඟ පරිච්ඡේදයේදී සම්මුඛ පරීක්ෂණය සැලසුම් කරගන්නේ කෙසේද ?, එහිදී හැසිරිය යුතු ආකාරය හා සාර්ථක සම්මුඛ පරීක්ෂණයකට ඉවහල් වන නීති රීති ගැන සාකච්ඡා කෙරෙනු ඇත.